නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති එ.ජා ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට එක් වෙයි

    සැප්තැම්බර් 19, 2017
    එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අද (19) නිව්යෝර්ක් නුවරදී ආරම්භ කෙරෙන අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය ඊයේ (18) පස්වරුවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි.
     
     මෙම සැසිය සඳහා රාජ්‍ය නායකයින් පමණක් සහභාගී වූහ. 
     
    ලෝක රාජ්‍යයන්ගේ සාමුහික සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරි ගමන කෙසේ විය යුතු ද යන්න පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩිකර ගැනීම, සහයෝගීතාවය ප‍්‍රවර්ධනය මෙන්ම පරිපාලන වියදම් අඩුකර ගනිමින් සාමාජික රටවලට වැඩි ප‍්‍රතිලාභ හිමිවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව ද පුළුල් අවධානයක් යොමු කෙරිණි.
     
    ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතා ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින් මෙම සැසියට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya