කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ජනාධිපතිතුමා ඇතුළු ඳූත පිරිස ඊයේ (17) ඇමරිකාව බලා පිටත්ව ගියහ.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය හෙට (19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධාන මුලස්ථානයේදි ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන 03 වන අවස්ථාව මෙයයි.