හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ අනුරුවක් ද අපනයන සැලසුම් කලාපයේ දී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
එමෙන්ම තෝරාගත් ආයෝජකයින් 40 දෙනෙකු වෙත විශිෂ්ඨතා සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතින් සිදු විය. රැකියා උත්පාදනය, ලංකා ආර්ථිකයට මෙම ආයෝජකයින් දක්වා ඇති දායකත්වය සහ ආයෝජන වටිනාකම් මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.
ඊට සමගාමීව දිගුකාලීන සේවා දායකත්වයක් දක්වා ඇති ආයෝජන මණ්ඩලයේ සේවක සේවිකාවන් ද ඇගයීමට ලක් කරමින් උපහාර තිළිණ පිළිගැන්විණි.
ආයෝජන කලාපය තුළ ඇති කර්මාන්තශාලා පිළිබඳව දත්ත ඇතුළත් මෘදුකාංගය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
අමාත්‍ය මලික් සමරවික‍්‍රම, රාජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ, ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති දුමින්ද්‍රර රත්නායක, අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහ ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ පැරණි සහ වත්මන් සේවක සේවිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.