මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියකාවා යුද අභ්‍යාසයට ජනපතිගෙන් සුබ පැතුම්

    සැප්තැම්බර් 14, 2017
    ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අඛණ්ඩව අටවන වරටත් සංවිධානය කරන ලද බහු ජාතික ක්ෂේත්‍ර යුද අභ්‍යාස පුහුණුවක් වන දියකාවා -2017 නැගෙනහිර පළාත මූලික කර ගනිමින් පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සුභාශිංසන පිළිගැන්වීය.
     
    ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ රටවල් 13 ක් නියෝජනය කරමින් පැමිණි ලෝකයේ විවිධ රටවල ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම යුද අභ්‍යාසය සැප්තැම්බර් 03දා ආරම්භ කෙරිණි. 
     
    අද පෙරවරුවේ ත්‍රිකුණාමලය කුච්චවේලි ප්‍රදේශයේ පැවති එම යුද අභ්‍යාසයේ සතුරු කදවුරකට පහර දෙන අභ්‍යාසය ජනාධිපති නිල නිවසේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ නැරඹු ජනාධිපතිතුමා දියකාවා යුද අභ්‍යාසය වෙනුවෙන් එක්වූ දෙස් විදෙස් සියලු ආරක්ෂක හමුදා සාමාජිකයින්ට සිය සුභාශිංසන පිළිගැන්වීය.
     
    ශ්‍රී ලංකාවේ යුද හමුදාව සඳහා තිබෙන්නා වූ ගෞරවය ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව විනයගරුක යුද හමුදාවක් නිසා බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා නව තාක්ෂණික යුද උපක්‍රම සහ ශිල්පීය ක්‍රම ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේදී මෙවන් යුද අභ්‍යාස ඉතා වදගත් බව ද පෙන්වා දුන්නේය.
     
    එමෙන්ම දියකාවා -2017 යුද අභ්‍යාසය සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික සියලු යුද හමුදා සාමාජිකයින්ට මෙන්ම විදේශීය හමුදා  ප්‍රධානින් සහ සියලු නිලයන්ට ද එම සියලු විදේශීය රටවල් වෙත ද ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya