අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට

    සැප්තැම්බර් 12, 2017
    සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කරගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12දාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
     
    ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන අතර සිරකරුවන් උදෙසා සෞඛ්‍ය වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීම සනීපරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර දියත් කිරීම මෙමගින් සිදු වේ.
     
    ශ්‍රී ලංකා සිරකරු සුබසාධක සංගමයේ ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් ආර්.ඒ.ඩී. සිරිසේන මහතා විසින් ජනාධිපතිතුමා වෙත ප්‍රථම කොඩිය පැළදවූ අතර අමාත්‍යවරුන්වන දුමින්ද දිසානායක, විජිත් විජිතමුණිද සොයිසා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya