ගංවතුරින් විපතට පත් කුඩා තේ වතු හිමියන් 5500 දෙනෙකු සඳහා සහනාධාර චෙක්පත් පිරිනැමීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, දයා ගමගේ මහත්වරු මෙන් ම දකුණු පළාත් ප්‍රධාන මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.