අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'අපි වෙනුවෙන් අපි' 16වැනි අදියරත් රණ විරු අයිතියට

    ජූලි 05, 2014
    'අපි වෙනුවෙන් අපි රණ විරු' නිවාස ව්‍යාපෘතියේ 16 වැනි අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකරන ලද නිවාස 104 ක් රණ විරු අයිතියට පවරාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (05) සිදු කෙරිණි.
     
    ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහා නිවාස 68ක්, නාවික හමුදාව සඳහා නිවාස 23ක් සහ ගුවන් හමුදාව සඳහා නිවාස 13ක් බැගින් නිවාස 104ක් අද මෙලෙස ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවරාදුණි.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙන් රණ විරු සුබ සාධනය අරමුණ කොට ගෙන ආරම්භ කළ මෙම රණ විරු නිවාස ව්‍යාපෘතියේ 15වැනි අදියර මේ වන විට සාර්ථකව අවසන් කර ඇත. 
     
    දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන මෙම නිවාස ව්‍යාපෘතියේ මුලික අරමුණ වනුයේ ඉඩමක් හිමි නිවසක් තනා ගැනීමට ආර්ථික වශයෙන් හැකියාවක් නොමැති රණ විරුවන් හට තම ඉඩමෙහි හිසට සෙවණක් ලබාදීමයි. මේ සඳහා මූල්‍ය පහසුකම් අපි වෙනුවෙන් අපි අරමුදල මගින් සපයන අතර ත්‍රිවිධ හමුදාව ශ්‍රම දායකත්වය සපයයි.
     
    නිවාස රණ විරු අයිතියට පවරාදීම සංකේතවත් කරමින් හොරොව්පොතාන, කපුගොල්ලෑව පාර, මොරවැව, ලාන්ස් කෝප්‍රල් කේ.පී. කරුණාරත්න රණ විරුවාගේ නිවස විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.
     
    අනතුරුව හොරොව්පොතාන, බොරකඩ මූකලාන, කෝප්‍රල් අමරසූරිය මහතාගේ නිවසද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. 
     
    නිවාසලාභී සෙසු රණ විරුවන් වෙත නිවාසවල යතුරු ප්‍රදානය කිරීම එහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මීට අමතරව මුලුතැන්ගෙයි උපකරණ කට්ටල ප්‍රදානය කිරීම ද සිදු විය.
     
    අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    5
     
    7
     
    9
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya