අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුවන්වැලි මධ්‍ය විද්‍යාලය ද්වීතියක පාසලක් ලෙස සංවර්ධනය කෙරේ

    ජූලි 05, 2014
    මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව අධ්‍යාපන දැනුම රටට උචිත ලෙස ප්‍රතිනිර්මාණය කරනු වස් ප්‍රාථමික පාසල් දහසක් හා ද්වීතීයක පාසල් දහසක් රටට දායාද කිරීමේ ජාතික වැඩසටහන යටතේ අනුරාධපුර හොරොව්පොතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකරන ලද පරිපාලන ඒකකය, නව පන්ති කාමර, පරිගණක ඒකකය සහ පුස්තකාලය ඇතුළු නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (05) සිසු අයිතියට පැවරිණි.
     
    එහි ඉදිකළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයද ජනාධිපතිතුමා විසින් සිසු අයිතියට පත් කරන ලදී.
     
    අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ නිර්මාණය කළ අංග සම්පූර්ණ ගණිතාගාරයකින්, පරිගණක 25කින් සමන්විත භාෂාගාරයකින්, පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයකින් සහ දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සමන්විතය.
     
    විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වෙමින් සිසුන් සමඟ සුහද කථාබහක නිරත විය.
     
    DB
     
    he mahindodaya horowpathana 2
     
    he mahindodaya horowpathana 3
     
    he mahindodaya horowpathana 4
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya