අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර පිච්ච මල් පූජාවට එක් වී ජනපති ආශිර්වාද ලබා ගනී

    ජූලි 06, 2014

    විසිපස් වන වරටත් ශාන්ති පදනම විසින් සංවිධානය කරන ලද ජාතික පිච්ච මල් පූජාව ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර ‍‍ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑ පූජා භූමි පරිශ්‍රයේදී ඊයේ 05 පස්වරුවේදී පැවැත්විණි.

     
    මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති මහින්ද රාපපක්ෂ මැතිතුමා වෙත එහිදි මහා සංඝරත්නය විසින් ආශිර්වාද පළ කළහ.ඉන් අනතුරුව ජනාධිපතිතුමන් අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.
     

    මෙම අවස්ථාවට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ, වීරකුමාර දිසානායක යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගී වූහ.

    ECB/pmu

    he2

    he3

    he4


    he5

    he7

    he8

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya