පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා- වර්තමානයේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක කමිටුවලට නිල පිළිගැනීමක් ලබාදීම
පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා- මහනුවර නගරය තුළ මාර්ග තදබදය අවම කිරීම
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා- නව ක්‍රීඩා පනතක් හඳුන්වා දීම
පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතා- රැකියා ලක්ෂ දහයක් ලබාදීමේ ව්‍යාපෘතියේ දී උතුරු හා නැඟෙනහිර පළාත්වල තරුණ තරුණියන් සඳහා ප්‍රමුඛතාවය ලබාදීම
පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂර ඉඳුනිල් අමරසේන මහතා- කුකුළු ගොවිපළ හිමියන් භාවිතා කරන බැටරි කේජ් ක්‍රමය නවත්වාලීම
පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය- විශ්වවිද්‍යාල හා අනෙකුත් සියලුම උසස් අධ්‍යාපන ආයතනවලට විශේෂ පුහුණුවලත් මානසික උපදේශකවරු හෝ අනුශාසකවරු පත් කිරීම
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා- යුද්ධය නිසා දිවි අහිමි වූ ජනතාව සිහි කිරීම සඳහා අනුස්මරණ ස්මාරකයක් තැනීම සහ සිහිපත් කිරීම සඳහා පොදු දිනයක් වෙන් කිරීම
යන මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිතය.