නියෝජ්‍ය අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂර ඉඳුනිල් අමරසේන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
සේවකයන්ගේ වැටුප් විෂමතා,ශ්‍රේණිගත කිරීම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති වර්ජනයක් දියත් කිරීම පිළිබඳව වාර්තා වී ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර ඔවුන්ගේ දුක් ගැනවිලි සළකා බලා ඒවායේ සාධාරණ පැතිකඩයන් පිළිබඳව අවධානය යොමු කර ඇතැයි පැවසීය.
කාටත් සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා විසඳුම් මාලාවක් ඉදිරිපත් කර ඇති බවත් එය සියලු සේවකයින් විසින් අධ්‍යයනය කරන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය