අමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන ) නියමන් පිළිබඳව විවාදයට එක්වෙමිනි.
මුදල් ඇමැතිතුමා වැඩබාරගෙන විශේෂ වැඩපිළිවෙල රාශියක් ගෙන තිබෙනවා. පක්ෂ පාට භේද නොසළකා සියලු දෙනාගේ වගකීම රට ඉදිරියට ගෙන යාමට සහයෝගය ලබාදීමයි. අපට ඉතුරුවෙල තිබෙන්නේ මහ ණය කන්දකට. ඉන් ගොඩ එන්නට නම් පැහැදිළි වැඩපිළිවෙලක් තිබිය යුතුයි. රජය ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කර තිබෙනවා. ණය ප්‍රමාණය අඩු නොකර රටේ අනාගතය ගැන හිතන්න බැහැ.
ණය අරගෙන ක්‍රියාත්මක කළ ව්‍යාපෘති නිසා රටේ අනාගත දරුවන්ට වන්දිය ගෙවන්න සිදු වෙනවා. රජය ඒ ගැන වැඩි සැළකිල්ලක් දක්වා තිබෙනවා. දුරකතන ගාස්තු අඩු කරල, වහන සහන පැකේජයක් ලබාදුන්නා. අනාගතයේ දී අත්‍යවශ්‍ය දේ ලබාදෙන්න සහන ලබාදෙන්න වැඩපිළිවෙලක් අරඹා තිබෙනවා. මුදල් අමාත්‍යවරයාගේ ගමනට සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. සෘජු බදු අයකරගන්නවා නම් වැදගත්. එය ක්‍රියාත්මක කිරීම ලේසි නෑ. අලුත් පනතක් ගේනවට කැමැති නෑ. ඒ අභියෝගය බාර ගන්නවා. ආදායම් සඳහා ජාතික ප්‍රතිපත්ති නව පනත් හඳුන්වාදිය යුතු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.