නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපාලනයේ දෙවසර තුළ, ජනතාවට දැනෙන දෙයක් කළා - ඇමැති ගයන්ත කරුණාතිලක

    සැප්තැම්බර් 06, 2017
    ණය කන්දක්, දූෂණ කන්දක් සහ මානව හිමිකම් උල්ලංගණය කළ රටක් අපි බාර ගත්තේ. ජනවාරි අට විප්ලවයෙන් පස්සේ සාධනීය වෙනස්කම් මේ මහ පොළව මත සැබෑ කරන්න හැකි වුණා. එහෙම බැලුවාම අපි සාර්ථකයි යැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
     අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,
     
    ''යහපාලනයට වසර දෙකක් සපිරුණා. එජාපය මෙහි ප්‍රධාන පාර්ශ්වය හැටියට ආපසු හැරී බලද්දී අපට සතුටු වෙන්න පුළුවන්. එදා අපි ජය ගත්තේ නිහඬ විප්ලවයකින්. දේශපාලන, මුදල්, මාධ්‍ය බලය අපට තිබුණේ නෑ. ඒ සියල්ල ජනතා බලයට යටත් වුණා. ලෝකයේ කුමන්ත්‍රණ ආයුධ, ඔළුගෙඩි එහා මෙහා කර කරපු විප්ලව අපි දැක තිබෙනවා. හැබැයි මේක ඒ එක ක්‍රමයකටවත් වුණු එකක් නෙමෙයි. කල්යල් බලා කළ විප්ලවයක්.
     
    අන්ත දූෂිත පවුල් පාලනයට තිත තබා අලුත් ගමනක් යන ලෙස ජනතාව අපෙන් ඉල්ලුවා. ඒ ඉල්ලීම ඉටුකර වසර දෙකක් සාර්ථක ගමනක් පැමිණ තිබෙනවා. හැබැයි පසුගිය පාලනය කර ඇති විනාශය වසරකින් දෙකකින් සම්පූර්ණ වෙනස් කරන්න බෑ. සෑම දෙයක්ම අ යන්නෙන් පටන් ගන්න සිදුව තිබෙනවා. මෙය මැරතන් එකක් මිස මීටර් 100 තරගයක් නෙමෙයි. ඒ මැරතන් එක දුවන්න හති වැටෙන්නේ නැති මග නවතින්නේ නැති ධාවකයන් දෙදෙනෙක් අපට ලැබී තිබෙනවා.
    ණය කන්දක්, දූෂණ කන්දක් සහ මානව හිමිකම් උල්ලංගණය කළ රටක් අපි බාර ගත්තේ. ජනවාරි අට විප්ලවයෙන් පස්සේ සාධනීය වෙනස්කම් මේ මහ පොළව මත සැබෑ කරන්න හැකි වුණා. එහෙම බැලුවාම අපි සාර්ථකයි.එම  සාධනීය දේවල් ගැන කථා කළොහොත් 19 වැනි සංශෝධනය සම්මත කළා. ස්වාධීන කොමිෂන් සභා යළි ස්ථාපිත කළා. එදා තොරතුරු පනත ගේන්න හැදුවාම ඒක රාජපක්‍ෂලාට නයාට අඳුකොළ වගේ වුණා. එහෙත් විනිවිද පාලනයක් අපි ඇති කළ නිසා අපි තොරතුරු පනත සම්මත කළා. අද පුරවැසියන්ට අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්.
     
     
    එදා මේ රට ජාත්‍යන්තරව කොන් වී තිබුණා. එහෙත් අද රටක් හැටියට ජාත්‍යන්තරය දිනාගෙන තිබෙනවා. ජාත්‍යන්තරව අපි විශාල පිළිගැනීමකට ලක්වෙලා. ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගත්තා. මේ නිසා යුරෝපා වෙළෙඳ පොළේ හොඳ තරගයක් දෙන්න පුළුවන් තැනකට අපි ඇවිත් සිටිනවා. භාණ්ඩ 1700ක් ඒකට අයිතියි. කුරුඳු ගසේ සෑම කොටසකින්ම විදේශ විනිමය උපයන්න හැකි තත්ත්වයට යන්න අපට හැකි වනවා.
    යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගත්තේ අපි. රටේ ප්‍රදේශ කීපයක ආර්ථික කලාප පිහිටුවීමට කටයුතු කරමින් සිටිනවා. මෙහෙම බැලුවාම ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගෙන තිබෙනවා.
    මීට අමතරව අපි ජනතාවගේ ඇඟට දැනෙන දෙයක් කළා සමෘද්ධිය වැඩි කළා, විශ්‍රාම දීමනා වැඩි කළා. ගැබිනි මවුවරුන්ට පෝෂණ මලු දෙන බව ‘රට පෙරට’ පොත්වල කිව්වත් දුන්නේ නෑ. හැබැයි අද සද්ද බද්ද නැතිව කටවුට් පෝස්ටර් නැතිව ලංකාවෙ හැම ගමකම ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ලක් දෙනවා. වැඩිහිටි දීමනාව දෙගුණ කළා. ගෙවල් හැදෙනවා. ගෙවල් හදන බව “මහින්ද චින්තන’ පුස්තකයේ එදා තිබුණා. ඒත් හදපු ගෙයක් නෑ. හැබැයි එදා සිටි නිවාස ඇමැතිගෙ ඥාතීන්ට නම් ගෙවල් දී තිබුණා. අද අපි උදාගම් වැඩසටහන සාර්ථකව කරනවා. බොහෝ දෙනා දකින්නේ නිවස පමණයි. ඒත් ඊට වඩා වටින දෙයක් රජය ජනතාවට සපයනවා. නිවාස ඉදිකරන ඉඩම මේ අයට දෙන්නේ නොමිලේ. නිවසට වඩා ඉඩම වටිනවා. එනිසා ඉඩමක් සහ නිවසක් ලබා දෙනවා.
    අපි කරපුවා ජනතාවට අමතක වෙන්න පුළුවන්. හැබැයි මේ එකක්වත් බොරුයි කියන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. රුපියල් 2500 කින් පවුලකට කන්න පුළුවන් කියූ ඇමැතිවරු මේවාට මොකද කියන්නේ. පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළේ යහපාලන ආණ්ඩුවයි. තෙල් මිල විශාල ලෙස අඩු කළා. පෙට්්‍රල් ලීටරයක් රුපියල් 33කින් අඩු කළ බව කාට අමතක වුණත් ඇත්ත ඒකයි. මේ නිසා මේ දෙවසරේදී ජනතාවට කීයක් ඉතිරි වෙලා ඇතිද? විදුලි බිල, ගෑස් මිල අඩු කළා. බෙහෙත් වර්ග හතළිස් ගණනක මිල විශාල ලෙස අඩු කළා.
     
    හෘද රෝගීන්ට ස්ටෙන්ට් නොමිලේ දෙනවා. අක්ෂි කාච නොමිලේ දෙනවා. රජයේ රෝහල්වල කාලයක් බලා සිටීමට සිදුවන නිසා හෘද සැත්කම් පෞද්ගලික රෝහල්වල කර ඒවාට මුදල් ගෙවීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා. ඉන්දියාවෙන් ගෙනා ගිලන් රථ සේවාව අද කොතරම් ප්‍රයෝජනවත් වී තිබෙනවාද? මේවා ගේන විට බිල්ලන් මවපු අය අද මොනවද කියන්නේ. අපි සුදු අලි ව්‍යාපෘති කළේ නෑ.
    එදා පෝර්ට් සිටයට ෂැංග්‍රිල්ලා හෝටලයට සින්නක්කරව ඉඩම් දුන්නා.
     
    ඒත් යහපාලනය ඒවා වෙනස් කර දිගුකාලීන බදු ක්‍රමයට ඒවා දුන්නා. එදා පිටරටට සින්නක්කරව ඉඩම් දුන්නා. ඒත් අපි දැන් ජනතාවට සින්නක්කර අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. මාධ්‍ය ඇතුළු සෑම අංශයකම මේවගේ දැනෙන වෙනසක් අපි කළා. සමහරුන්ට මේවා අමතකයි. හැබැයි බොරුයි කියන්න බෑ. අද බය නැතිව ආණ්ඩුව විවේචනය කර ගෙදර ගිහින් නිදාගෙන පසුවදා වැඩට යන්නත් පුළුවන්. අධිකරණය ස්වාධීන කළා. ආණ්ඩුවට විරුද්ධවත් අද තීන්දු දෙන්න පුළුවන්. එදා නඩු ඇසුවේ වීරවංශලා වගේ විනිසුරුවෝ. තත්ත්වය අපි වෙනස් කළා. එනිසා මේ බස් එක මිස් කර ගන්න හොඳ නෑ. සෑම ක්ෂේත්‍රයකම වෙනසක් කරන්න යහපාලනයට හැකිව තිබෙනවා.
    අධිවේගී මාර්ග කීපයක වැඩ සැලසුම් කර තිබෙනවා. කැලණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. කුරුණෑගල-හබරණ යා කරන නව දුම්රිය මාර්ගයක් එනවා. මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය ඉදිවනවා. දකුණු අධිවේගය මත්තල දක්වා ඉදිවනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය වනවා. අපි 2020 මැතිවරණයට යන්නේ විශාල පරිවර්තනයක් මේ රටේ සිදු කර යැයි ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya