මැණික් කර්මාන්තයේ නියුතු පතල් කැණීම් ශිල්පීන්, මැණික් නිර්මාණ තාක්ෂණ ශිල්පීන් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා “රත්නාභිමානී” ජීවිත සුරක්ෂාවරණය සහ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ වැඩසටන ක්‍රීයාත්මකය.
ජීවිත සුරක්ෂණාවරණය සහ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය එළිදක්වමින් ප්‍රතිලාභීන් 10 දෙනෙකු වෙත ගිවිසුම් පත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
ජීවිත සුරක්ෂාවරණය හා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සැලසුම් කිරීමේ සම්පත්දායකයින් ලෙස කටයුතු කළ හය දෙනෙකු වෙත ඇගයීම් සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
අනතුරුව පැවති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.
මැණික් පරීක්ෂා කිරීමේ ජංගම රථය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.