නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතේ සංශෝධනයකට හදිසි ඡන්දයක්

    අගෝස්තු 25, 2017

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතේ සංශෝධනයකට හදිසි ඡන්දයක් පැවැත්වෙයි. ඒ අනුව ඒකාබන්ධ විපක්ෂය විසින් ඉල්ලු සංශෝධනයට පක්ෂව 44 ඡන්ද ක් ලැබුණු අතර විපක්ෂව 120ක් ඡන්ද  ලැබුණි.

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ සංශෝධන කාරක සභා අවස්ථාව පැවැත්වෙමින් තිබුණි.

    එහිදී රාජ්‍ය සේවවේ නිලධාරීන්ට ඡන්දයට ඉදිරිපත් වීමට අවස්ථාව සළසා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සංශෝධන අවස්ථාවේ දී ඉල්ලා සිටියේ ය.

    ඒ අනුව සභානයක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, සමෘද්ධි, ග්‍රම නිලධාරි සහ සංවර්ධන නිලධාරීන්ට ඡන්දය ඉල්ලීමට නොහැකි බව පනත් කෙටුම්පතේ සඳහන් වී තිබෙන බව සඳහන් කළේ ය.

    ඒ අනුව එම වගන්තිය ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලා සිටියේ ය. පසුව මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අදාළ සංශෝධයට ඡ්නදයක් විමසන ලෙස ඉල්ලා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya