පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
මේ ක්‍රියාවලිය කඩිනම් කරගන්න අමාත්‍යතුමා ඉතා උනන්දුවෙන් ප්‍රශ්නය විසදීමට කටයුතු කිරීම ගැන. එක්සත් ජාතික පක්ෂයට ඡන්දය කල්දමන්න වුවනාවක් නෑ.
මේ ක්‍රියාවලියේ ඉතිහසය මතක් කළ යුතුයි. එදා වැදගත් ප්‍රශ්න මතු වුණා. මා විසින් සංශෝධන දහයක් ලබාදුන්නා.සිදු වුනේ බරපතල හිතුවක්කාරි සිමා නීර්ණයක් සිදු වුණේ.කෘත්‍රීම හා උපක්‍රමික සීමා නීර්ණයක් කළා. අපේ රජයට මෙය විසදීමට පැවරුණා.
අපේ දේශපාලනයේ කාන්තා නියෝජනයේ පසුගාමී තැනකයි සිටින්නේ.ලොව සාධාරණ කාන්තා නියෝජනයක් තහවුරු කරන්න විවිධ තක්ෂණික උපක්‍රම භාවිතා කර තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා බොහොම පැහැදිළි ප්‍රතිපත්තියක් ගෙනාවේ, කාන්තා නියෝජනය අවම වශයෙන් 25%ක් තිබිය යුතුයි කියලා. මේ අවස්ථාව තුළ සියයට 50%කට යන්න පුළුවන්.අපේ රටේ කාන්තාවන් උත්තරීතර තත්ත්වයකින් අගය කරනවා. එහෙම තත්ත්වයක දේශපාලන නියෝජනයේ දී කාන්තව පස්සට ගියා.අලුත් මැතිවරණ ක්‍රමය තුළ මනාප ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසි කර තිබෙනවා. දූෂණයට ඉඩ ඇහිරෙනවා. මෙය ලද ජයග්‍රහනයක් බවද නියෝජ්‍ය අමාත්‍යවරය කීය