අදාළ පනත් කෙටුම්පත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කළේ ය.
සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- අපි සූදානම් විවාදයට.ඇයි විරුද්ධ වෙන්නේ. ඡන්දය ඉල්ලා උසාවි යනවා. අපි පනත ගේනකොට විරුද්ධ වෙනවා. මල් වට්ටියට අත ගහන්න.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා-
සංශෝධන ලැබෙන්නේ දැන්. සංශෝධන අධ්‍යනයට කාලයක් ඉල්ලීම සාධරණයි.සැප්තැම්බර් 15 පෙර සම්මත කරනවා නම් සාමාන්‍ය පෙළ විභාගයට පෙර ඡන්දය පවත්වන්න හැකි බව මැතිවරණ කොමසාරිස් කිව්වා. අද විවාදය කරමු. හෙට දිනයේ ඡන්දයට ගමු. තවදුරටත් කල්දමන්න බෑ. මෙය කල්යනවා නම් ඡන්දය කල් යනවා. මේ වසරේ ඡන්දය තිබිය යුතුයි. දැන් සාකච්ඡා කරමු. විධිමත් සාකච්ඡා කර හෙට සම්මත කරමු.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා- මැතිවරණය කල්දැමීමේ සිහිනයක් අපට නෑ. කල් මදිනම් වෙනම සභාවක් කැඳවන්න
සභානයක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-
ඡන්දය කල්ගියේ අපේ වරදින් නොවේ. පසුගිය කාලයේ සීමා නීර්ණය කළේ අමැතිවරුන්ගේ ගෙවල්වලයි. එදා අපි විපක්ෂයේ සිටි අපෙන් ඇසුවාද? අපේන් හැසුවේ නෑ. හොරෙන් කළේ.
අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා-
පනත් කෙටුම්පතේ තාක්ෂණික සංශෝධන තිබෙනවා. මැතිවරණ කොමසාරිස් සංශෝධන ඉදිරිපත් කර තිබුණා. යම් මන්ත්‍රීවරයකුට පැහැදිළි කිරීමක් අවශ්‍ය නම් නිලධරීන්ගෙන් පැහැදිළි කිරීම කරගන්න පුළුවන්. මම පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කරනවා.