වික්ටෝරියා සහ කොත්මලේ මහවැලි කලාපයේ පදිංචි ඉඩම්ලාභීන් 1300 කට ආසන්න සංඛ්‍යාවකට මෙහිදී නීත්‍යානුකූල ඔප්පු ලබා දීමට සැලසුම් කොට ඇති බව වික්ටෝරියා/කොත්මලේ ව්‍යාපෘතිය භාර නේවාසික ව්‍යාපාර කළමනාකරු උභය කළ්‍යාණ කුමාර මහතා පවසයි. එම පිරිස අතර වසර 05 කටත් වසර 15 කටත් ආසන්න කාලයක සිට නීත්‍යානුකූල ඔප්පු නොමැතිව එම ඉඩම්වල පදිංචිවී සිටින පදිංචිකරුවන් සිටින අතර නීත්‍යානුකූල ඉඩම් ඔප්පු නොමැතිකමින් විවිධ දුෂ්කරතා වලට ලක්වු මෙම පිරිසට නිත්‍යානුකූල ඔප්පු ලැබීමත් සමග ඒ සියලු ගැටුල සඳහා විසඳුම් ලැබෙනු ඇත.
මෙම වැඩසටහන යටතේ පසුගිය 11 සහ 12 යන දිනවලදීද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වලව කලාපයේ සහ මහවැලි එච්. කලාපයේ ගොවීන් 10,000 කටත් නීත්‍යානුකූල ඔප්පු පිරි නැමීම සිදු විය.