මෙහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ''මන්ත්‍රීවරු කණ්ඩායමක් සභාව මැදට පැන බාධා කළා.
කතානායකතුමාට පාර්ලිමේන්තුව කල්තැබීමට සිදු වුණා. පාර්ලිමේන්තුව බැරෑරුම් ලෙස අපහසුතාවයට පත් කළා. වරප්‍රසාද කඩවීමක් මතුවී තිබෙනවා. මේ පිළිබඳව සොයාබලා වාර්තා කරන ලෙස ඉල්ලා සිටිනවා. මන්ත්‍රීවරු චේතනාත්මකව සභාවේ ගෞරවයට හානි කර තිබෙනවා.''
කතානායක කරූ ජයසූරිය මහතා- මම මෙය වරප්‍රසාද කමිටුවට යොමු කරනවා. ඒ ගැන පරික්ෂා කරනවා.
මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා- මෙයට වරප්‍රසාද ප්‍රශ්නයක් ගේන්න බෑ.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - ඒ අවස්ථාවේ සෙන්කෝළය තිබුණා. පාර්ලිමේන්තුව තුළ ආදර්ශමත් ලෙස හැසිරිය යුතුයි.