මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවන වියදම ක්‍රියාවලීන් සාකච්ඡා කර ජනතාවට සහන දෙන්න බලාපොරොත්තු වෙනවා

    අගෝස්තු 10, 2017

    ජීවන වියදම අඩු කරන ක්‍රියාවලීන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර රටේ ජනතාවට එය සහනක් ලෙස ලබාදෙන්න බලාපොරොත්තු වන බවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයට සඟවන්න දෙයක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    අද (10) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

    රවී කරුණානායක ඇමැතිතුමා තනතුරෙන් ඉල්ලා අස්වුණා. අගය කරන කටයුත්තක්. අලුත් දේශපාලන සංස්කෘතියක්. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයට සඟවන්න දෙයක් නෑ. වෙනස හොඳයි ද කියලා අහන්න කැමතියි.

    මල්වානේ නිවසක් හමුවුණා.අයිතිකාරයෙක් නෑ. මොනවාද එයට වෙලා තියෙන්නේ කියලා අහන්න කමතියි. අද මෙතැන දූෂණය ගැන කතාකරන්න ඉක්මන් වෙනවා. ඒ අයගේ වත්කම් බැරකම් හොඳින් බලන්න. ජනාධිපති කොමිෂමට පෙන් වූ උනන්දුව,අනෙක් ඒවා සොයන්න පෙන්වන්න. මේ රටේ ජනතාව සාධාරණයක් බලාපොරොත්තු වෙනවා.

    ජාත්‍යන්තර ආර්ථිකය බැස තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාවේ දල දේශීය ආර්ථිකය වර්ධනය වී තිබෙනවා. හිටපු මුදල් ඇමතිවරයාගේ කාලයේ ආදායම ඉහළ ගියා. අධ්‍යාපනයට වැය කරන මුදල් ප්‍රමාණය වැඩි කර තිබෙනවා. ගිය සතියේ හම්බන්තොට වරාය ගිවුම අත්සන් කළා. අවුරුද්ද අවසානයේ ඩොලර් මිලියන 500ක් ලැබෙයි කියාලා හිතනවා.පසුගිය රජය ආයෝජනය කළේ ණය හරහායි. විරැකියාව අඩු කළා.කාන්තාවන්ගේ විරැකියාව සියයට 7%ට අඩු කළා.රැකියාවන් වැඩි වුණා. ලංකාව  ලෝකයට සම්බන්ධ කරන්න හදනවා. ලෝක වෙලඳපොළක් නිර්මාණය කරනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya