අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) පාර්ලිමේන්තුවේ දී ය.
රවී කරුණානායක මහතා ඉල්ලා අස් වුණා. මහබැංකු මූල්‍ය වංචාව අල්ලස් කොමිෂමට පැමිණිලි කළේ අපි. දිගින් දිගටම පෙනී සිටියා. අතිගරු ජනාධිපතිතුමා නිර්භීත තීරණයක් ගත්තා,වෙනත් මහබැංකු අධිපතිවරයෙක් පත් කළා. අද ඔහු ඉතාමත් හොඳින් කාර්යභාරය කරනවා.මෙය කෝප් කමිටුවට ගියා.මේ ප්‍රශ්නය යටගහන්න,බේරාගන්න ජනාධිපති කොමිෂම පත් කළේ කිව්වා. ජනාධිපතිතුමා එදා ගත් තීන්දුව නිසා හෙළිදරව් වුණා. කෝප් කමිටුවට ආව පළමු මූල්‍ය වංචාව මෙය නොවේ. මේ වාර්තාව අද ක්‍රියාත්මක වී තිබෙනවා. මෙය ආණ්ඩුවේ හෝ විපක්ෂයේ ජයග්‍රහනයක් නොවේ. හෙළිදරව් වීම් ජනතා ජයග්‍රහනයක්. රවී කරුණානායක මහතා හොඳ මිත්‍රයෙක්. රජය බලයට පත් කරන්න කැප වුණා.
ඉල්ලා අස්වීම හොඳයි. වැරදිකාරයා නොවුනත් එතුමා ගත් තීන්දුව අගය කරනවා. අනාගතයේ දී හොරකම් කර බේරෙන්න බෑ. සමහර වංචාවලට සම්බන්ධ වූ අය සුදනෝ වගේ හැසිරෙනවා. හොරු ආරක්ෂා කරන දේශපාලඥයින් සිටිනවා.අනාගතයේ දී රටේ ජනතාව තේරුම්ගෙන කටයුතු කරයි. රවී කරුණානායක මහතා ගත් පියවර ඉතා හොඳයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.