නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ගත් නිර්භීත පියවර අගය කරනවා

    අගෝස්තු 10, 2017

    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉවත්වීමට ගත් නිර්භීත පියවර තමන් අගය කරන බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේ, හිටපු මුදල් අමාත්‍ය,වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ධූරයෙන් ඉවත්වීමට ගත් තීරණය සම්බන්දයෙන් අඳහස් දක්වමිනි.

    තවදුරටත් අඳහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

    රවී කරුණානායක මහතා අධිකරණයකින් වරද කරුවෙන් කර නෑ. ඒ නිසා එතුමාට නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනයට අයිතියක් තිබෙනවා. රවී කරුණානායක මහතාගේ නිර්භීත පියවර ගැන අගය කරනවා. එතුමා තීරණය ගත්තේ යහපාලනය හා රටේ යහපත වෙනුවෙන්. එතුමා හොඳ ආදර්ශයක් ලබාදුන්නා යැයි ද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya