නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුදු අලි බවට පත් කළ ව්‍යාපෘති නැවත පණ ගන්වා සංවර්ධනය කරන්නට රජය කටයුතු කළා

    අගෝස්තු 10, 2017

    ණය ගෙන සුදු අලි බවට පත් කළ ව්‍යාපෘති නැවත පණ ගන්වා ආර්ථිකයට හා ජනතාවට ආදායම් ලැබෙන ලෙස සංවර්ධනය කරන්නට රජය කටයුතු කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රටේ ආර්ථික තත්ත්වය,  ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් කල්තැබීමේයෝජනාව ඉදිරිපත් කරමින් අඳහස් දැක්වීය.

    භායනක රාජ්‍ය මූල්‍ය අර්බුදයක් ගැන විවාදයක් පටන්ගෙන තිබෙනවා. භායනක වචනය පාවිච්චි කර විශාල කඩාවැටීමක් ගැන කියනවා.නැවත බලයට එන්න සිහින මවනකොට භයනක දෙයක් බවට පත් කරන්න හදනවා. ලංකාවේ භායනක කඩාවැටීම හින්දා සංවර්ධනය මේ රටේ නැවතිලා ද? 70 දසකය වගේ ජනතාව පීඩනයට පත්වෙලාද කියලා පේනවද? අද රටේ අර්බුදයක් තියෙනවා කියලා පෙන්වන්න හදනවා. සුදු අලි බිහිකරලා, පරම්පරා ගණනාවකට නිර්මාණය කළේ මොන කාලෙද? ජී.එස්.පි ප්ලස් සහනාධරය නති කරල, අපනයන ආදායම කඩාවට්ටලා,ආඅදාය්ම් මාර්ග නැති කළේ කවුද? ඉන්ධන මිල ගැන කතා කරනවා. හලාවත ධිවරයන්ට වෙඩි තියලා ඉන්ධන ප්‍රතිපත්තිය කටයුතු කළේ කියලා ජනතාවට මතකයි.

    ලංකාවේ ලංකාවේ අපනයන ආදායම වැඩි වී තිබෙනවා. ගෝලීය ආර්‍තික අර්බුද නිසා යම් යම් අභියෝග එල්ල වුණත්, රජයක් ලෙස පැහැදිළි ප්‍රතිපත්තියක සිටිනවා,ගෝලීය ආර්ථිකයට සම්බන්ධ වෙලා,අපනයනය පදනම් වූ ආර්ථිකයක් ශක්තිමත් කර ඉදිරියට ගෙන යන්න. එය අපි ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරගෙන යනවා. අද වනවිට විශාල අර්බුදයක් ස්ථාවර කරගන්න හැකි වී තිබෙනවා. පසුගිය රජය ණය කන්දයි,කුණු කන්දයි ඉතිරි කළා.රජය පත්වෙලා, මාස කීපයකින් ජනතාවට දැනෙන ලෙස තෙල් මිල අඩු කළා. සංවර්ධනය වේගවත් කළා.ණය උගුලක සිර කරලා, ණය බරින් විනාශ වෙන්න යද්දි, ණය අරගෙන සුදු අලි බවට පත් කළ ව්‍යාපෘති නැවත පණ ගන්වා ආර්ථිකයට හා ජනතාවට ආදායම් එන ලෙස සංවර්ධනය කරන්න කටයුතු කර තිබෙනවා.

    කර්මාන්තශාලා කර්මාන්තශාලා කීයක් ගෙනාවද? හොඬහ් ආර්ථිකයක් තිබුණා නම් ඒ කාලේ කරන්න තිබුණා.ජනතාව එදා බොරුව දැක්කා. ජනතාව අලුත් රජයකට බාර දීලා තියෙන්නේ. අප බලපොරොත්තු වෙනවා, මූල්‍ය ප්‍රතිපත්ති අනුව, අපි කඩාවැටුණු අපනයන ආදායම ගොඩනගමින් සිටිනවා. රුපියලේ ස්ථාවරභාවය ඇති කරනවා.අනාගතයට බලාපොරොත්තුවක් තියෙන ආර්ථිකයක් අප ගොඩනගාගෙන යනවා  ශක්තිමත් ආර්ථිකයක් ඉදිරියට ගෙන යනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya