අමාත්‍යවරයා මේ බව අද (9) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ නියෝගය විවාදයට එක්වෙමිනි.
දේශපාලඥයන්ගේ කාර්යභාරය ජනතාවට සේවය කිරීමයි. ජනතාවගේ සම්පත් අල්ලාගැනීම නොවෙයි. දේශපාලඥයන් ගැන පත්තර බලනවිට තේරුම්ගන්න පුළුවන්. දේශපාලඥනයන් ලෙස වගකීමක් තිබෙනවා.දේශපාලඥයන්ගේ පවුල්වට චෝදනා එල්ල වීම ගැන මම ප්‍රකාශ කළේ. දේශපාලඥයන්ගේ කාර්යභාරය මෙය නොවෙයි. තමන්වෙනුවෙන් සේවය කරගැනීම නොවෙයි. කොන්තරාත් කරන්න,චන්ඩිකම් කරන්න, වංචාදූෂණය කරන්න දුන් බලපත්‍රයක් ලබුණා කියලා හිතන්න බෑ.ජනාධිපතිතුමා මේ කාරණා සම්බන්ධවදැඩිව මැදිහත් වෙනවා. සාගර දූෂණවල වඩා දේශපාලඥයන්ගේ හිත් දූෂණය වීම වළක්වා ගත යුතුයි.වර්තමාන ජනාධිපතිතුමා දැඩි ස්ථාවරයක ඉන්නවා රට යහපත් මාවතක ගෙනියන්න.
ඉන්දීය ධීවර ප්‍රශ්නයට සෘජුව මැදිහත් වෙනවා. කිසිදු බුරුලක් ලබාදෙන්නේ නෑ. බෝට්ටු රඳවා ගන්නවා.අපි ඉන්දියාවේ මධ්‍යම රජය සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා. උතුරේ ඉන්නේ අපේ ධීවර ජනතාවයි. අපේ ධීවරයන් නඟාසිටුවන්න කටයුතු කරනවා.විදේශ යාත්‍රා පනත එනවා.
සමුද්‍ර පරිසර විනාශය ගැන දැඩි ලෙස කතා කළ යුතුයි. සමුද්‍ර පරිසර දූෂණය ධීවර කර්මාන්තයට සෘජු ලෙස බලපානවා.අපිම කරන පරිසර හානිය තිබෙනවා. ප්ලාස්ටික් බෝතල් මුහුදට දානවා. දැන් ධීවර ජනතාව මේ පිළිබඳව දැනුවත් කරනවා. ඉදිරියේ දී නීතියක් ලෙස පනවන්න බලාපොරොත්තු වෙනවා. විශාල පොලිතීන් මුහුදට දානවා. විශාල ප්‍රමාණයක් පොලිතීන්, ෆයිබර් තිබෙනවා. සමුද්‍ර දූෂණය නිසා මත්ස්‍ය සම්පතේ අඩු වීමක් ලෝයට අභොයෝගයක් වෙලා.වඳ වී ගෙන යන මසුන් සිටිනවා.අනාගතයට මත්ස්‍ය සම්පත ඉතුරු කර දිය යුතුයි කියා සෑම විටම කල්පනා කරන්නේ. සමුද්‍ර දූෂණය වළක්වන්න සෑම දෙනාම කැප වෙන්න යැයි ද අමාත්‍යවරයා පැවසී ය.