උතුරු පළාතේ විනාශ වූ කර්මාන්ත හා හිමිකරුවන්ට කිසිදු වන්දි මුදලක් ලබී නැතැයි ද වන්දි මුදල් නිසි ආකාරයෙන් ලබාදීමට කටයුතු කරන්නේ දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසී ය.
ත්‍රස්තවාදී තත්ත්වය හේතුවෙන් හානියට පත් ව්‍යාපාරික ස්ථාන සඳහා වන්දි මුදල් ගෙවීම කරනවා. ජීවනෝපාය සංවර්ධනයටත් ජීවන තත්ත්වය නැංවීමට ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. අප රජය බලයට පත් වූ දින සිට උතුරු පළාතේ යටිතල පහසුකම් සංවර්ධනයට සංහිදියාව ප්‍රවර්ධනයාට කටයුතු කළා. ඉදිරියටත් එය ක්‍රියාත්මක කරන්නට රජයක් ලෙස බලාපොරොත්තු වෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.