නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සහතිකයට විදේශ රටවල විශේෂ පිළිගැනීමක් තිබෙනවා

    අගෝස්තු 08, 2017

    ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සහතිකයට විදේශ රටවල විශේෂ පිළිගැනීමක් තිබෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (8) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පනත් කෙටුම්පත විවාදයට එක්වෙමිනි.

    මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන. අද මෙම ආයතනයෙන් සුදුසුකම් ලබාගෙන පිටවී සිටින දහස් සංඛාවක් පිටරට වැඩ කරලා, මව් බිමට ආධාර උපකාර ලබාදී තිබෙනවා. අදත් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස  ආයතනයේ සහතිකයට විදේශ රටවල විශේෂ පිළිගැනීමක් තිබෙනවා. මෙවැනි ආයතනයක් දිනාගත් නම අපි රැක ගත යුතුයි.

    කිළිනොච්චියේ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස  ආයතනය ලැබුනේ ජර්මනියෙන් තෑග්ගක් ලෙසයි. කාලයක් යයි රත්මලාන වගේ නමක් දිනාගන්න.පටන් ගැනීමක් කර තිබෙනවා. හරි මාර්ගයේ යනවා. කිළිනොච්චියේ රැකියාලබාදුන්නේ උතුරේ ජනතාවටයි.මෙය ජාතික මධ්‍යස්ථානයක්. මගේ කාලයේ හොඳ නියෝජනයක් තිබෙන පනතක් පිළියෙල කරලා, ඒ අනුව සියලු පියවර අරගෙන සූදානම් කර තිබුණා. චන්දිම වීරක්කොඩි අමාත්‍යතුමා ප්‍රමාද නොකර පනත ඉදිරිපත් කර තිබෙනවා. මෙය අවශ්‍ය පනතක් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya