නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළපු සංවර්ධන වෙනුවෙන් කළපු සංවර්ධන අධිකාරියක්- අමාත්‍ය මහින්ද අමරවීර

    අගෝස්තු 08, 2017

    කළපු සංවර්ධන අධිකාරියක් පිහිටුවමින් රටේ සියලු කළපු සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් එමඟින් මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නංවාලීමට හැකි බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    කළපු කළමනාකරණ ඒකකයක් ආරම්භ කළ බවත් ජනතාව සම්බන්ධ කරගනිමින් කළපු සංවර්ධනය කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. මහජනතාව විසින් කළපු ආරක්ෂ කළ යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා,කළපුවලට අපද්‍රව්‍ය බැහැර කරන බවද සඳහන් කළේ ය.

    2018 වනවිට  සියලු කළපු සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් නන්දිකඩාල් කළපුව සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් කළපිව ගැඹුරු කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya