විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විහාරාධිපති පූජ්‍ය මාවිත්තර සුමනරතන ස්වාමීන් වහන්සේ බැහැදැක, උන්වහන්සේට පිරිකර පූජා කොට ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සී ස්වාමින් වහන්සේට ධර්ම දේශනය සඳහා ජනාධිපතිතුමන් විසින් ආරාධනා කළ අතර ජනාධිපතිතුමා ධර්මය ශ්‍රවණය කිරීමට ද එක්විය.
අනතුරුව විහාරස්ථානයේ ස්ථාපති කරන ලද නව සූර්ය බල පද්ධතිය විවෘත කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළේය.
මෙම ධර්ම දේශනා වැඩසටහනට මහින්ද සමරසිංහ, අජිත් පී. පෙරේරා යන අමාත්‍යවරුන් ද පා.මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ඇතුළු පළාත් මැති ඇමතිවරුන් ද ප්‍රදේශවාසී සැදැහැවත්හු විශාල පිරිසක් ද එක්ව සිටියහ.