අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හතළිස් වසරක දේශපාලන දිවියට සුභාශිංසන පළ කිරීමේ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු අඳහස් දක්වමින් කතානායකවරයා මෙසේ පැවසී ය.
අග්‍රාමාත්‍යතුමා විශේෂයෙන් රටේ අනාගතයට වැඳගත් ප්‍රතිසංස්කරණ රැසකට දායක වී තිබෙනවා. 17 වන සංශෝධනය බිහිකිරීමට දුන් ධෛර්යට ස්තූතිවන්ත වෙනවා. 2002 තොරතුරු පනතක් ඉදිරිපත් කිරීමට දුන් නායකත්වට ස්තූතිවන්ත විය යුතුයි. ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා යථාර්ථයක් කිරීමට පරිනත දේශපාලන කාර්යභාරයක් සිදු කළා.අග්‍රාමාත්‍යතුමා එකිනෙකාගේ මතවලට ගරු කරමින් කටයුතු කළා. ක්‍රියාකරි දේශාපාලනට විශාල මැදිහත් වීමක් සිදු කළා.වැදගත් අඳහස් තුළින් අග්‍රාමාත්‍යතුමා ගැන සඳහන් කළ ඔබ සැමට පාර්ලිමේන්තුවේ කෘතඥතාවය පළ කරමින් අග්‍රාමාත්‍යතුමාට රට වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය හා ධෛර්යය ලබේවායි ප්‍රාර්‍රථනා කරනවා යැයි ද කතානයකවරය පැවසී ය.