අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හතළිස් වසරක දේශපාලන දිවියට සුභාෂිංශන පළ කිරීමේ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සභානායකවරයා මේ බව පැවසී ය.
වර්තමාන අග්‍රාමාත්‍යතුමාගේ පාර්ලිමේන්තු දිනයේ උණුසුම් සුබපැතුම් එක් කිරීමට හැකි වීම ගැන සතුටු වෙනවා. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු ලෙස බියගම ආසනය ජයගනිමින් පාර්ලිමේන්තුවට පැමිණියේ අද වැනි දිනකයි. එවැකට වයස අවුරුදු 29 ක් වූ එතුමා ලාබාලම ඇමැතිවරයා විය. 1980 අධ්‍යාපන අමාත්‍යාවරයා වූ මෙතුමා අධ්‍යාපන විද්‍යාපීඨ අරභන ලදී. කර්මාන්ත අමාත්‍යාංශ ධූරයත් දරමින් කර්මාන්ත පුර බිහිකරමින් තරුණ තරුණියන්ට රැකී රක්ෂා දීමට කටයුතු කළා.
1993 මැයි 07 ශ්‍රී ලංකාවේ දස වැනි අගමැති බවට පත් විය. එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දෙමින් ජයග්‍රහනයට පත් කිරීමට හැකි විය. දෙවැනි වරටත් අගමැතිවරයා බවට පත් විය. රනිල් වික්‍රමසිංහ මතිතුමා තෙවැනිවරටත් පත් විය.ආංශික අධීක්ෂණ කාරකසභාක්‍රමය හඳුනාවාදෙමින් ව්‍යවස්ථාදායකත්වය ශක්තිමත් කිරීමට කටයුතු කළේ ය.පොත්පත් නිබදව පරිශීලනය කරමින් ආවේගශීලී නොවීම, ඉවසිලිමත් බව, අග්‍රාමාත්‍යතුමා පෙන්වා තිබේ.පසුගිය දසක හතර තුළ විශේෂ භූමිකාවක් ලද ප්‍රවීණ ජන නායකයෙක් ලෙස ලෝකයේ පිළිගැනීමට ලක්ව ඇති බවද සභානායකවරයා පැවසී ය.