මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ඓතිහාසික කතරගම පුද බිමේ ආගමික වතාවත්වල

    ජූලි 03, 2014

    අද (03) උදෑසන ඓතිහාසික කතරගම පුද බිම වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

    කිරිවෙහෙර සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මීන්ද හිමිපාණන් වහන්සේ බැහැ දැක සුවදුක් විමසූ ජනාධිපතිතුමා, උන්වහන්සේට පිරිකර පූජා කළේය.


    අනතුරුව කතරගම මහා දේවාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි පැවති විශේෂ පූජාවකට සහභාගි වී ආශිර්වාද ලබා ගත් අතර කතරගම පුද බිම වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද සුහද පිළිසඳරක නිරත විය.


    පූජා භූමියේ ඇති මුස්ලිම් පල්ලිය වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමට ද එතුමා කටයුතු කළේය.


    ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය, කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

     

    NDH/pix by Udesh Gunarathne-pmu

    02

     

    03 1

     

    04

     

    05

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya