අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වැනි උපසම්පදා මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ජූලි 03, 2014

    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 69 වැනි උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර, සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී ඊයේ (02) පස්වරුවේ පැවැත්විණි.


    අභිනව උපසම්පදාලාභී භික්ෂූන්වහන්සේලා වෙත පිරිකර පූජා කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.


    වසර 150 සපුරන රාමඤ්ඤ මහා නිකායේ 69 වැනි උපසම්පදා මහෝත්සවය ඊයේ ආරම්භ වූ අතර දින නවයක් පුරා මාතර නිල්වලා නදියේ ඉදිකොට තිබෙන අලංකාර උදකුප්ඛේප සීමාමාලකයේ දී පැවැත්වෙන අතර එහිදී සාමණේර භික්ෂූන්වහන්සේලා 400 නමක් අධි සිල් ලබති. උපසම්පදා මහෝත්සවය ප්‍රකාශයට පත් කෙරුණේ එම නිකායේ සංඥා ලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංශ හිමියන් විසිනි. උපසම්පදා උළෙල වෙනුවෙන් ප්‍රකාශයට පත් කෙරුණු පටිපදා සහ ඥානෝපායනී ශාස්ත්‍රීය සංග්‍රහ ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගැන්විණි.


    මෙයට සමගාමීව මාතර, වල්පොළ සිරි මංගල පිරිවෙන් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය. නිල්වලා නදී උදකුක්ඛේප සීමා මාලකය වෙත ගිය ජනාධිපතිතුමා එහි ධාතු කරඬුව තැන්පත් කොට ප්‍රථම මල් පූජාව ද සිදු කරන ලදී.


    ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක නාපානේ පේමසිරි නාහිමියන් වෙත ජනාධිතිවරයා මෙහිදී විශේෂ තිළිණයක් ප්‍රදානය කළ අතර ජනාධිපතිවරයා වෙතද නාහිමියන් දැවමය පිළිම වහන්සේ නමක් ප්‍රදානය කළේය.


    ඇමැතිවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහත්වරුන්ට සහ දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය වෙත රාමඤ්ඤ නිකායේ ගෞරව නාම ප්‍රදානයක් ද මහනාහිමියන් අතින් මෙහිදී සිදු කෙරිණි.


    ඇමැතිවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.


    HC/pmu_Pix By : Nalin Hewapathirana

    Higher Ordination Ceremony o Ramanna Maha Nikaya

    Higher Ordination Ceremony o Ramanna Maha Nikaya 1

    Higher Ordination Ceremony o Ramanna Maha Nikaya 2

    Higher Ordination Ceremony o Ramanna Maha Nikaya 3

    Higher Ordination Ceremony o Ramanna Maha Nikaya 4

    Higher Ordination Ceremony o Ramanna Maha Nikaya 5

    Higher Ordination Ceremony o Ramanna Maha Nikaya 6

    Higher Ordination Ceremony o Ramanna Maha Nikaya 7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya