අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවා කොමිසම් සභාව පත් කෙරේ

    ජූලි 02, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් රාජ්‍ය සේවා කොමිසම් සභාව පත් කිරීම ඊයේ (01) පස්වරුවේ දී අරලියගහ මන්දිරයේ දී සිදු කරනු ලැබීය.


    වසර 03ක කාල සීමාවක් සඳහා බල පැවැත්වෙන මෙම කොමිසමේ සභාපතීත්වය දරන්නේ විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ සත්‍යා හෙට්ටිගේ මහතායි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55වැනි වගන්තිය යටතේ රාජ්‍ය සේවයේ පත්වීම්, උසස්වීම්, මාරුවීම් සහ විනය පාලන කටයුතු සඳහා බලතල මෙම කොමිසම් සභාව වෙත පැවරේ.

    එස්.සී. මානප්පෙරුම, ආනන්ද සෙනවිරත්න, එන්.එච්. පතිරණ, එස්. තිල්ව නඩරාජා, එස්.ඒ. මොහොමඩ් නහියා, කාන්ති විජේතුංග, සුනිල් එස්. සිරිසේන, විශේෂඥ වෛද්‍ය අයි.එන්. සොයිසා ගුණසේකර මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

     

    DB/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya