ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වසර 38 කට වැඩි සේවා කාලයක් සපිරූ සේවකයින්ට සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.
අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, ජෝන් අමරතුංග, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ගයන්ත කරුණාතිලක, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් සහ දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.