විදුහලට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් සිසු දරුදැරියන් විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, සමරුඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා දරුවන්ගේ කුසලතා නිරීක්ෂණය කළේය.
අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ, වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික, කුරුණෑගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එම්.එස්.එම්. ෆාහීම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.