අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ කථානායකවරිය ජනපති අගයයි

    ජූලි 15, 2017

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද ශී‍්‍ර ලංකාව තුළ සිදු කර ඇත්තේ විප්ලවීය පරිවර්තනයක් බවත්. කලාපයේ අත්දැකීම් බහුල නායකයෙකු වන ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය කලාපයටම මහඟ ආදර්ශයක් බවත් බංග්ලාදේශ කථානායකවරිය පවසයි.

     

    බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ කථානායිකාShirin Sharmin Chaudhurමහත්මිය අතර හමුව ඊයේ (14) පස්වරුවේ ඩකා අගනුවරදී පැවැත්වුණු අතර එහිදී කථානායකවරිය මේ බව ප‍්‍රකාශ කළාය.

    දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දෙරටේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ නව වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ද  අවධානය යොමු විය.

    පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතු අතරම එහි ගුණාත්මකභාවය  ආරක්ෂා කිරීමේ වැදගත්කම ද පැහැදිලි කළ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට තේරිපත් වන මංතී‍්‍රවරුන්  පුහුණු කිරීමේ වැඩසටහන්වල වැදගත්කම ද පෙන්වා දුන්නේය.

    තමා සිය අසීමිත බලය පාර්ලිමේන්තුව වෙත පවරාදුන් ජනාධිපතිවරයෙක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා තමා සතු බලය තවදුරටත් පාර්ලිමේන්තුව වෙත පවරාදීමට අවශ්‍ය වුවද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊට ඉඩක් නොලැබුණු බව ප‍්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ලබා ගනිමින් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට තමාට හැකිවූ බව සඳහන් කළ ජනාධිපතිතුමා පාලකයෙකුට අහිතකර බලතල බොහොමයක් ඉවත් කරමින් ස්වාධීන කොමිෂන් සභා හරහා ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව පිටුවක් පෙරළීමට ඒ තුළින් හැකි වූ බව ද කියා සිටියේය.

    ඉන් අනතුරුව බංග්ලාදේශයේ විපක්ෂනායිකාව වන Rowsha Ershad මහත්මිය ජනාධිපතිතුමා හමු වූවාය.
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක ආණ්ඩුව සේම විපක්ෂය ද ඉතා වැදගත් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා රටක ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු බවත් ආණ්ඩුවක ගමන් මග නිවැරදි වන්නේ ඒ තුළින් බවත් ප‍්‍රකාශ කළේය.

    බංග්ලාදේශයේ ඉහළ තනතුරු රැසක් කාන්තාවන් විසින් නියෝජනය කිරීම අගය කළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේ ද පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා මේ වන විට මං පෙත් විවර කරමින් සිටින බව සඳහන් කළේය.
    දේශගුණික සහ කාලගුණික විපර්යාස සමග තම රටවල් දෙකම මුහුණ දී තිබෙන්නේ එකම ආකාරයේ ගැටලුවලට වන අතර කලාපයේ සමීප රටවල් ලෙස අනෙකුත් ගැටලු ද පොදු බවත් ඒවාට විස`දුම් සෙවීමේදී එක්ව කටයුතු කිරීමේ හැකියාවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.


    අනතුරුව ජනාධිපතිතුමා හමු වූයේ බංග්ලාදේශයේ සෞඛ්‍ය සහ පවුල් සුබසාධන අමාත්‍ය Mohammed Nasim මහතායි.
    බංග්ලාදේශ ඖෂධ නිෂ්පාදනවල ගුණාත්මකභාවය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා එම නිෂ්පාදන ශී‍්‍ර ලංකාවට ලබා ගැනීම පිළිබඳ තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ගිවිසුමකට ද අත්සන් තැබූ බව සඳහන් කළේය.
    බංග්ලාදේශ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ශී‍්‍ර ලංකාවේ ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි මූලික කටයුතු මේ වන විට නිම වෙමින් පවතින බව බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
    ඩෙංගු රෝග නිවාරණය ආදී මුලික සෞඛ්‍ය ගැටලූවලදී දෙරටට එක්ව කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
    පවුල් සෞඛ්‍ය සේවිකා සහ හෙදියන් පුහුණු කිරීමේ වැඩසටහන් හුවමාරු කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.
    අද ශ‍්‍රී ලංකාව මැලේරියාවෙන් නිදහස් රටක් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ගත් පියවර ඊට ඉවහල් වූ බවත් දුම්වැටි විරෝධයට එරෙහිව තමා ගෙන ගිය සටන ජනාධිපති ධූරය දක්වා පැමිණි ගමනට හේතු වූ බවත් සඳහන් කළේය.
    එදා දුම්කොළ සමාගම් සමග අභියෝගාත්මක සටනක නිරත වූ අන්දම සිහිපත් කළ ජනාධිපතිතුමා එදා පාලකයන් දුම්කොළ සමාගම් ඉදිරියේ තමා හෑල්ලූවට ලක් කළ ද එම සටන අත නොහැරී තමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව දුම්වැටි ඇසුරුම්වල සෞඛ්‍යමය අවවාද සියයට 80 දක්වා ඉහළ නැංවීමට පියවර ගත් බවද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya