මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කසළ නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමේ වගකීමෙන් රජය බැහැර වන්නේ නැහැ

    ජූලි 05, 2017

    කසළ නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමේ වගකීමෙන් කිසිවිටෙක රජය බැහැර වන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මීතොට මුල්ල කසළ කන්ද නාය යැම සහ කසළ කළමනාකරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසි ය.

     

    නාගරික ප්‍රදේශවල කසළ බැහැර කිරීම සඳහා නිසි ස්ථානයක් නොමැතිවීම නිසා මේ වනවිට කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයක ගැටළු මතුවී තිබෙනවා.ඊට ස්ථීර විසඳුමක් සොයා ගැනීම සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සැලසුම් කරමින්සිටිනවා.එසේම කෙටි කාලීනව ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමටත් කසළ බැහැර කිරීම අධීක්ෂණය කිරීමටත් අදාළ පළාත් පාලන ආයතන නිලධාරීන්,පොලීසිය,හමුදාව හා ආයතන නිලධාරීන් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සමන්විත නිලධාරීකොමිටියක් පත් කරනු ලැබුවා.


    දැනටමත් දිවයිනේ සෑම පළාතකම වැඩසටහන සාර්ථක කරගැනීම  සඳහා යන්ත්‍රාණුසාරයේ කොම්පෝස්ට් සකස් කිරීම සඳහා කොම්පෝස්ට් යන්ත්‍ර නවයක් දිවයිනේ පළාත් නවයක ස්ථාපිත කරන්නට කටයුතු කර තිබෙනවා. නොදිරන කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් විසිපහක් සඳහා වැඩසටහනක් දියත් කරනවා.කසළ ප්‍රවාහනය විධිමත් කිරීමටත් කටයුතු කර තිබෙනවා. කෙටි කලීන හා දිගු කාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. කොළඹ හා කොළොන්නාව නගර සභාවල දිරන කසළ කොම්පෝස්ට්කරණය කිරීම සඳහා ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව මඟින් මුතුරාජවෙල කොම්පෝස්ට් අංගනයක් ස්ථාපිත කර  දිනකට ටොන් සියයක ප්‍රමාණයක් කොම්පෝස්ට් කිරීම කරනු ලැබුවා.

     

    මධ්‍යම පරිසර අධිකාරිය විසින් උතුරු පළාතේ සනීපාරක්ෂ බිම් පිරවීමක් සැකසීමට කටයුතු කර තිබෙනවා. යන්ත්‍රාණුසාර කොම්පෝස්ට් අංගනයක් සකස් කිරීමට සැලසුම් කොට ඇත. කුරුනෑගල සහ ගාල්ල ප්‍රදේශයේ කොම්පෝස්ට් අංගන ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

    දිගු කාලීන සැලැස්ම යටතේ කොළඹ මහනගර සභාව, දෙහිවල මහනගර සභාව,කොළොන්නාව නගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සහ මොරටුව මහනගර සභාව විසින්  පළාත් පාලන ආයතනවල අවශ්‍යතාවය අනුව  පුත්තලම දිස්ත්‍රික්කයේ අනිකුත් ප්‍රදේශවල දෛනිකව  ජනනය වන නාගරික කසළවලින් උපරිම ලෙස කසළ බැහැර කිරීමට පුත්තලම කරුවක්කාරූ ප්‍රදේශයේ සනීපාරක්ෂක කසළ රැදවුමක් ඉදිකිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.දැනට ව්‍යාපෘතිවල මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. පසුගිය වසර දහයක රාජපක්ෂ පාලනය, යහපාලනයට උරුම වුණේ ණයයි. යහපාලනයට උරුම වුණේ ණය කන්දක් හා කුණු කන්දක් පමණි.අපි පැන යන්නේ නෑ. අපි ණය ප්‍රශ්නයට වගේම කුණු ප්‍රශ්නයටත් කෙටි කාලීන, මැද කාලීන හා දිගු කාලීන විසඳුම් ලබාදෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරය පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya