අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාළිගාවත්ත “ලක්හිරු සෙවණ” නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට

    ජූනි 29, 2017
    කොළඹ නගරය තුළ අඩුපහසුකම් සහිත නිවාසවල ජීවත්වන පවුල් සඳහා නවීන පහසුකම් සහිතව ස්ථීර නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ ඉදිකළ මාළිගාවත්ත "ලක්හිරු සෙවණ" මහල් නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ  (28) ජනතා අයිතියට පැවරිණි.
     
    මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත නාගරික සංවර්ධන අධිකාරිය විසින් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලැබූ මෙම නිවාස සංකීර්ණය නිවාස ඒකක 192 කින් සමන්විත අතර, වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 6,720කි.
     
    “ලක්හිරු සෙවණ” සම්පූර්ණ ව්‍යාපෘතිය නිවාස ඒකක 768 කින් සමන්විතය. ඒ අනුව තවත් නිවාස ඒකක 192 බැගින් වූ ගොඩනැගිලි 03 ක් ඉදිකිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක නිල නිවාස සඳහා මෙන්ම මාළිගාවත්ත අවට වෙසෙන පවුල් වෙත එම නිවාස ලබාදීමට නියමිතය.
     
    සමරු ඵලකය නිරාවරණය කර නව නිවාස සංකීර්ණය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිවාස දෙකක් ද නිරීක්ෂණය කරනු ලැබීය.
     
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, නිමල් සිරිපාල ද සිල්වා, සරත් ෆොන්සේකා, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya