අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය- ජනතාවගේ ජීවන තත්ත්වය යථාතත්වයට පත් කිරීමට සියලු කටයුතු කරනවා

    ජූනි 21, 2017

    ජනතාවට උපරිම ආරක්ෂාව,ජනතාවට වන්දි ලබාදෙමින් ජීවන තත්ත්වය නංවමින් උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධයක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන්මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.

    රජය හැටියට ජනතාවගේ ජීවන තත්ත්වය යථාතත්වයට පත් කිරීමට කළ යුතු සියලු කටයුතු කරනවා. සිදු කරන තාක්ෂණ වාර්තා අනුව ව්‍යාපෘතියේ කටයුතු සිදු කෙරෙනවා. අවදානම් කලාපයක් ලෙස නම් කළ නොහැකියි. බරපතල ප්‍රශ්න මතු වී තිබුණා. ව්‍යාපෘතිය ආරම්භ වුණේ 2008 දී. මේ ව්‍යාපෘතිය සියයට 77%ක් අවසන් කර තිබෙනවා.මෙම ව්‍යාපෘතිය නිසා අවදානමට ලක් වූ ප්‍රදේශයක් යැයි සළකා ජනතාවට ලබාදිය යුතු වන්දි ලබාදී තිබෙනවා. නිවාස වෙනුවෙන් රුපියල් 19,76,5342ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවක් කළා. මේ මොහොතෙත්  ස්විට්සර්ලන්ත ඉංජිනේරු පිරිසක් අවශ්‍ය උපදෙස් ලබාදෙනවා  යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya