බංග්ලාදේශ මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.
රටේ ව්‍යසන තත්ත්වයක් පවතින අතරතුර වුවද අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් වෙනුවෙන් බංග්ලාදේශය ලබාදෙන සහයෝගය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා එය ද්විපාර්ශවික සබඳතාවල සුවිශේෂී ලක්ෂණයක් බව ද කියා සිටියේය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා මෑත කාලයේ දී ඉහළ ප්‍රගතියක් කරා ගමන්කර තිබෙන අතර එම සබඳතා සෑම ක්ෂේත්‍රයකින් ම තවඳුරටත් ඉහළ නංවා ගැනීම බංග්ලාදේශයේ අරමුණ බව මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.
බංග්ලාදේශයේ ආපදා කළමනාකරණ හා පශ්චාත් පුනරුත්ථාපන වැඩසටහන් මගින් ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ ව මහකොමසාරිස්වරයා මෙහිදී විස්තර කළ අතර ඉන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි සහයෝගයන් පිළිබඳ සොයා බලන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
බංග්ලාදේශයේ වගා කෙරෙන නියං කාලවලට ඔරොත්තු දෙන කෘෂි බීජ වර්ග මෙරටට හඳුන්වාදීමේ හැකියාව සොයා බලන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.