අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය මෙන් ම ආනයන හා අපනයන ( පාලන ) පනත යටතේ නියෝගය විවාදයට එක්වෙමිනි.
අපනයනය සම්බන්ධයෙන් වන වැය ඉහළ නැංවීම තුළින් වියදම ඉහළ යන්නට පුළුවන්. ඒ නිසා අපට අවශ්‍යයි, මේ සම්බන්ධයෙන් විශේෂ අපනයන කලාප ඇති කරන්න. මේ සම්බන්ධයෙන් තාක්ෂණය භාවිත කරන්න වෙනවා. අගය එකතු කළ පර්යේෂණ හා ක්‍රියාමාර්ග ඉහළ නැංවීම අවශ්‍යයි. එවිට අපනයන වල අගය වැඩි කරන්න හැකි වෙවි. අපගේ නිෂ්පාදනයන් පිළිබඳ විධිමත් සන්නාමයක් ඇති කරන්න හැකි වේවී.
නව අපනයන උඅපාය මාර්ගයක් සකසා තිබෙනවා. එමඟින් වසර 2020 වන විට නව අපනයන කරුවන් 2000ක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා.
එමඟින් ශ්‍රී ලංකාවේ සියලු කර්මාන්ත දායකවේ යැයි අපේක්ෂා කරනවා. මේ කටයුතු අතර ජී.එස්.පී.ප්ලස් සහනයෙන් ප්‍රධාන කර්මාන්තවලට සහන දෙන්න බලාපොරොත්තු වෙනවා. වෙළඳ සැකසුම් ප්‍රතිපත්තියක් සකස් කිරීම අවශ්‍යයි.මේ කර්මාන්තවලට උපකාර කිරීම අවශ්‍යයි. එමඟින් ඔවුන්ට නව වෙලඳපොළක් සොයාගැනීමට හැකි වේවී. දේශීය කර්මාන්ත ආරක්ෂා කරගැනීම සඳහා නෛතික ව්‍යුහයක් අවශ්‍යයි.ඒ සඳහා මූලික කටයුතු අවශ්‍යයි. අලුත් වෙළඳ ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.අදාළ වාණිජ මණ්ඩල, පුද්ගලයන්, වෘත්තිකයන්,සියල්ලම සමඟ සාකච්ඡා කරලා, කැබිනට් මණ්ඩලයට අලුත් ප්‍රතිපත්තිය ඉදිරිපත් කරනවා. අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
සෘජු විදේශ අයෝජන වැඩියෙන් ආකාර්ෂණය කරගත යුතුයි. අඛණ්ඩ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් රේගු හා වරාය කටයුතු විධිමත් කළ යුතු වෙනවා.වෙළඳ කර්මාන්ත පෞද්ගලික ක්ෂේත්‍රයේ කම්කරුවන් බඳවා ගැනීමේ ක්‍රමවේදයන්, නම්‍යශීලී පැය සංඛාව වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය වර්ධනයට අපනයනය වර්ධනය කරගත යුතු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.