මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ 60 වන සංවත්සර උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන්

    ජූනි 19, 2017
    රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ 60 වන සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 
     
    රජයේ ඖෂධවේදින්ගේ සංගමය සාමාජිකයින් 1500 කින් යුත් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සුවිශේෂි කාර්යයක් ඉටු කරන වෘත්තීය එකමුතුවකි.
     
    ඖෂධවේදීන්ගේ 60 වසරක ඉතිහාසය තුළ ඖෂධවේදී වෘත්තිය අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් කටයුතු කළ විශ්වවිද්‍යාලවල ඖෂධවේදී දෙපාර්තමේන්තු වෙත සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ඖෂධවේදී ඩිප්ලෝමා පාඨමාලාව උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් බවට නම් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
     
    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya