ඊට අදාළ ඔප්පුව ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මහත්මීන් විසින් ඊයේ (13) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඔප්පුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත භාර දෙනු ලැබීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරල කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද එක්ව සිටියහ.