විහාරගම පුරාණ දක්ෂිණගිරි රාජමහා විහාරාධිපති, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, පූජ්‍ය විහාරගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ අද දින ධර්ම දේශකයාණන් වහන්සේ විය.
ධර්ම දේශනය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා මහා සංඝරත්නයට අටපිරිකර පූජා කරමින් ආශිර්වාද ලබා ගත්තේය.
අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පා.ම සිඩ්නි ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ සම්පත් ශ්‍රී නිශාන්ත යන මහත්වරුන් ද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුඑ රාජ්‍ය නිලධාරීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.