මෙරට විශාලතම ධීවර වරාය පේදුරුතුඩුවේ ඉදිකෙරෙන බව කී අමාත්‍යවරයා,අසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර සපයන බව කීය.
මේ පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපත් කළ සක්‍යතා වාර්තාවද ලැබී ඇති බව අමාත්‍යවරයා පැවසී ය. තවත් ධීවර වරායක් පේෂාලේ ඉදිකිරීමට නියමිතය. උතුරු පළාතේ ධීවර තොටුපලවල් 20ක් ද නැංගුරන්පලවල් 7ක් ද සංවර්ධනය කෙරේ. එමෙන් ම ශීතාගාර හා මත්ස්‍ය සැපයුම් මධ්‍යස්ථන ඇති කෙරේ. ජලජීවී වගා කර්මාන්තපුරයක් ආරම්භ කෙරෙන අතර ඉන් රැකියා දස දහසක් ලබාදීම ඉලක්කය බවද අමාත්‍යවරයා පැවසී ය.