නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශිෂ්‍ය මර්දනය සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ - පන්ති වර්ජනය කරන සිසුන්ට මහපොළ ශිෂ්‍යධාර නෑ - අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    ජූනි 07, 2017

    විශ්වවිද්‍යාල පන්ති වර්ජනය කරන සිසුන්ට මහපොළ ශිෂ්‍යධාර ලබා නොදෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසී ය.

    අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබදෙමිනි.

    සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් මතු කළේ ය. මහපොළ හා රජය මඟින් සිසුන්ට පිරිනමනු ලබන ශිෂ්‍යාධාර හිමිවනුයේ අධ්‍යයන කටයුතුවල නියැලෙන කාලසීමාවන් සඳහා බවද අමත්‍යවරයා සඳහන්කළේ ය.

    රජය විසින් සාමකාමී උද්ඝෝෂණ වලට කිසිදු බලපෑමක් සිදු නොකරනු ඇති බවඩහ ශිෂ්‍ය මර්දනය සඳහා රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya