නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හානි වූ නිවාස ඉදිකිරීමට ඇමෙරිකාවෙන් මුදල්

    ජූනි 05, 2017

    අයහපත් කාලගුණයත් සමග සිදු වූ ගංවතුරෙන් සහ නායයාමෙන් විනාශයට පත් නිවාස ඉදිකරදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ඇමරිකන් රජයේ සහය ලබාදෙමින් රුපියල් මිලියන 350 ක මූල්‍ය පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම පසුගියදා ජනාධිපති නිල නිවසේදී සිදු විය.

    ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

    තවද මෙරට තරුණ තරුණියන්ගේ ශිල්පීය ඥානය වැඩිදියුණු කිරීම උදෙසා ඩොලර් මිලියන 12 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ඇමරිකන් රජය කැමැත්ත පළ කර තිබෙන අතර වසර 04 ක කාල පරාසයකට අනුව එම පරිත්‍යාගය සිදු කිරීමට නියමිත බව ඇමරිකන් තානාපතිවරයා මෙහිදී පැවසීය.

    ආපදාවට ලක් වූ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක මේ වන විට ඇමරිකන් නියෝජිත පිරිසක් නිරතව සිටින අතර, එම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඇමරිකන් තානාපතිවරයා ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya