නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවුම් බලාපොරොත්තුවකින් ඉදිරියට යාමට කැබිනට් සංශෝධනය සිදුකළා - ජනපති

    මැයි 22, 2017
    නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ඒ අනුව රටේ අභිවෘද්ධිය සඳහා කැපවන්නැයි නව අමාත්‍යාංශ භාරගත් සියළු අමාත්‍යවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
     
    නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාංශ 09 ක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අතර, එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.
     
    මිත‍්‍රශිලිව සහ කැපවීමෙන් කටයුතු කරමින් රටේ අභිවෘද්ධිය සඳහා වූ සාමුහික වගකීම ඉටුකිරීමට එක්වන ලෙස මෙහිදී නව අමාත්‍ය ධූර ලැබූ සියළු ඇමතිවරුන්ගෙන් වැඩිඳුරටත් ඉල්ලා සිටි ජනාධිපතිතුමා සමාජය සහ රට වෙනස් කළ හැක්කේ මිනිසාගේ යහපත් වෙනස්වීම තුළින් බව ද පෙන්වා දුන්නේය.
     
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya