අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන්වූවන් රඳවාගෙන සිටින බව කියන්නේ නම් පරීක්ෂාවට වැඩපිළිවෙළක් - ජනපති

    මැයි 21, 2017

    අතුරුදහන්වූවන් පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින්, යම් ස්ථානයක ඔවුන් රඳවා සිටින්නේයැයි පවසනවානම් එම ස්ථාන පරික්ෂා කිරීම සඳහා රජය වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    එසේම මීට පෙර පත්කළ කොමිෂන් සභා වාර්තා සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් ළඟදීම පත්කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (20) සාම්පූර් ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

    2015 වසරේ තමා යාපනයේ හින්දු විද්‍යාලයේ සිසු දරුවන් පිරිසක් සමඟ පෙනී සිටි ඡායාරූපයක් අන්තර්ජාලයට මුදාහරිමින් තමා සමඟ සිටි එම දරුවන් අතුරුදහන් වී ඇති බවට ගෙන ගිය ප‍්‍රචාරය අන්තවාදින්ගේ දේශපාලන කුමන්ත‍්‍රණයක් බවත්, එවැනි අතුරුදහන්වීමක් සිදුවී ඇත්නම් එම දරුවන් සොයා ගැනීම සඳහා තමාගේ ද උපරිම සහය ලබාදෙන බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    එමෙන්ම පසුගිය 18 වනදා තමා කිළිනොච්චියට පැමිණිමට සිටින බවත්, උතුරේ විරෝධතා පවත්වමින් තමන්ට ඒමට ඉඩ නොදෙන බවත් පවසමින් ගෙන ගිය ප‍්‍රචාරය ද සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එදින තමන් එවන් සංචාරයක් සිදුකිරීමට නියමිතව නොතිබූ බවයි.

    ලැබු නිදහස සහ සාමයේ වටිනාකම අවබෝධ කරගනිමින් සියලුදෙනා කටයුතු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා මහජනතාව නොමග යවමින් ලැබූ සාමය පළුදු කිරීමට ගෙන යන අන්තවාදින්ගේ කුමන්ත‍්‍රණ පරාජය කිරීමට සියලු ජනතාව ඒකරාශි විය යුතු බවද අවධාරණය කළේය.

    එමෙන්ම අතුරුදහන්වූවන් පිළිබඳ කටයුතු කිරීමේ කාර්යාලයක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනතට සංශෝධන අවශ්‍ය බවට ප‍්‍රකාශවීමෙන් අනතුරුව ඒ සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට තමන් අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන බව ද ජනාධිපතිතුම මෙහිදී සඳහන් කළේය.

    දකුණේ මෙන්ම උතුරේ ද සංවර්ධනය තමා අතපසු නොකළ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ලැබු නිදහස රැක ගනිමින් ජාතික සමගිය සහ සංහිඳියාව යතාවත් කිරීමට සියලු දේශපාලන නායකයින් කැපවිය යුතු බව ද කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya