ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ නේපාල ජනාධිපතිනී බිද්යා දේවි බන්ඩාරී මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සංස්කෘතික සංදර්ශනය ආරම්භ කෙරිණි.
ශ්‍රී ලාංකීය නර්තන සංදර්ශන ඇතුළු චීනය, වියට්නාම් සහ ඉන්දීය නර්තන අංග රැසකින් මෙම සංස්කෘතික සංදර්ශනය සමන්විතය විය.
මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය මහතා, අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, විදේශ රැකියා කටයුතු පිළිබඳ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ලෝක බෞද්ධ සමුළුව සඳහා මෙරට පැමිණි විදේශීය නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්වූහ.